Thursday, March 7, 2013

චාරයක් නැති ඡායාරූප



මම කලින් දවසක කිව්වනේ මම බ්ලොග් ලියන නිසා ගමේ සෑහෙන පිළිගැනීමක් තියනවා කියලා. ඉතිං දැන් කීප දවසක ඉඳන් මග තොටේ හමුවෙන අය අහනවා ඇයි දැන් බ්ලොග් එක ලියන්නෙ නැත්තේ කියලා. මට අසාධාරණයක් උනාද අහනවා, ඉහලින් ආපු බලපෑමක් ද කියලා අහනවා, කලකිරීමක් ද කියලා අහනවා, තව එක්කෙනෙක් ඇහුවා අර ශ්‍රේෂ්ට ලේඛකයන්ට ඇතිවෙන "writer's block" හැදිලද කියලා.

නෑ ආයුබොවන්ඩ... මම ලියනවා... හැබැයි මගේ බ්ලොගේ නෙමෙයි, අනිත් අයගේ බ්ලොග් වල. ඔන්න ඕක තමයි හේතුව. වෙලාවකට මට හිතෙනවා මට හරියන්නෙ 'විචාරක' වගේ නමක් කියලා.. දැන් ඉන්නේ ක්‍රීඩා
විචාරකයෝ, සිනමා විචාරකයෝ, දේශපාලන විචාරකයෝ, ආ තව ඉන්නේ මධ්‍යස්ථ විචාරකයෝ කියලා කස්ටියක්, කවදාවත් දැකල මුණගැහිලා නම් නෑ.. ඒත් එයාලා කියපුවා හරියට පත්තර වල යනවා "... මධ්‍යස්ථ විචාරකයෝ පවසති" කියලා. දැන් ඔය විචාරකයෝ කියන්නේ අනිත් අය මොනව හරි කරනකං බලං ඉඳලා ඒක ගැන කතා බහ කරන කස්ටියක්නේ.

එක අතකිං කියන්න පුලුවන් හරිම අසාර්ථක ජාතියක් කියලා, මොකෝ අනිත් මිනිස්සු මොනවත් නොකලොත් කරන්න දෙයක් නැතිව බකංනිලං ඉන්න වෙනවා, මොකද විචාරය කරන්න දෙයක් නැහැනෙ. තව අතකිං හරිම පරාර්ථකාමී මිනිස්සු, අනිත් අය කරන වැඩවල අඩුපාඩු, හොඳ නරක හොයලා, එයාලට ඊට වඩා හොඳ දේවල් කරන්න පොළඹවනව. පවූ....

දැන් ඔයාලාගෙ විචාරය, මම විචාරය ගැන විචාරයක් ඉදිරිපත් කරනවා කියලද? එහෙනං ඒක කිසි චාරයක් නැති විචාරයක්. මං ආවෙ වෙන වැඩකට. මේ කාලේ විචාරයට එච්චර සුදුසු කාලයක් නෙවෙයි. කොටින්ම මේ කාලේ 'සුනේත්‍රා'වක්.

මේක මං හිතල මතලා කරන වැඩක් වගේ පෙනුනට, එහෙමමත් නෑ. පහුගිය කලේ කස්ටිය ලේසියට පොටෝ දාල ගේම ගෙනිච්චනෙ. ඒක ආදර්ශයට අරං මාත් පොටෝ ටිකක් දාන්න හිතුවා. ඔන්න එහෙනං.....



#1 
2012 ලැබීම
 (මේක ගන්න කාපු කට්ටක්)

#2
සුළඟට සැලෙනා...

#3
පානදුර වෙරල

#4
කම්බියේ කුරුල්ලා

#5
මූණේ හිනාවක් නැති බල්ලා

#6
සොයා පිළිසරණක්
(මට හිතුනේ නිකං අපෙන් උදව් ඉල්ලනවා වගේ කියලා)

#7
පිපෙන්නට පෙර

#8
කොළ කන දළබුවා

#9
මානෙල් 

 #10
බෙන්තොට හඳ

#11
දළදා මාළිගාව

#12
හුරුබුහුටි කොලු පැට්ටෙක්

#13
නිසල විල

#14
තාරාවෝ පාවෙති

#15
නමක් නොදන්නා මලක්

#16
ලැවැන්ඩර්

#17
දැකුළු මල්


ප.ලි.
  • මේ ෆොටෝ ඔක්කොම වගේ ගත්තේ FujiFilm FinePix s5000 කැමරාවකින් සහ Canon PowerShot SX1 IS කැමරාවකින්. Canon කැමරාවේ මිල සාපේක්ෂව අධික උනත් FujiFilm කැමරාවට වඩා ලොකු වෙනසක් ෆොටෝ වල තිබ්බෙ නෑ. FujiFilm හරිම user friendly ලාබ කැමරාවක්. එක සෑහෙන හොඳයි, මම මේ අරං තියෙන්නෙත් maximum resolution දාලා නෙවෙයි. දෙකම Compact Digital ජාතියේ.
  • ෆොටෝ ටික වටේ කලු බෝඩරයක් දැම්මේ චන්දනගේ සටහනකට අනුව. 
  • Ayilas A ලියන සැමරුම් බ්ලොග් එකේ, ඡායාරූපකරණය ඉගෙන ගන්න අයට බොහොම වැදගත් කරුණු තියනවා.
  • ආ.. මම විචාරක කියලා නම වෙනස් කරගන්නෙ නෑ.. දැනටමත් එකෙක් ඉන්න නිසා.