Wednesday, October 3, 2012

කිසිදාක නොවෙනස්ව....



අපි අපිට මුණ ගැහී
ආදරෙයි කියාගත්
දසවසක මතක පොත
කට පාඩම්ය මට

"කිසිදාක නොවෙනස්ව
ඔයා ලඟ හිඳින්නම්"
කියා නුඹ කියූ විට
දැනුනෙ සතුටක්ය මට

දසවසක් පුරාවට
නුඹ රැක්ක පොරොන්දුව
කඩ කරල දමන්නට
බැරිද පොඩි වෙනසකට

දසවසක් පුරාවෙම
නුඹේ ඔය ගොළුබවට
වචන දෙන්නට හැදුව
මටත් අද වචන නැත

හැමදාම නිහඬවම
හිතේ මොනවද තියන්
නොදොඩාම ඉන්න හැටි
කොහොම ඉවසන්න මම

දස වසක් ගත වෙලත්
නුඹ කවුදැයි කියල
නොදන්නා බව තවම
කියන්නත් දුකයි මට

කේන්තිය පුපුරලා
මං බැණවදිනකොට
කඳුලු වැල් වක්කරං
අඬපංකො ඩිංගකට

මග තොටේ යනෙනකොට
අන් ගැහැණු ලුහුබඳින
සලෙල නෙත් දෙකට මගෙ
රවපංකො ඉඳල හිට

මොන තරම් වැඩ කලත්
අඩුපාඩුම කියන
මගෙ කට වැහෙන්නට
බැනපංකො අනේ මට

හුරතලෙන් වඩාගෙන
ඇඳ මත්තෙ පෙරලගෙන
ඉන්නකොට ආදරෙයි
කියපංකො කණට කර

නොතේරෙන කාලෙ නුඹ
නොතේරෙන කමට දුන්
මළඉලව් පොරොන්දුව
කඩපංකො දවසකට

19 comments:

  1. උඹ කියයි ඔය මගුල්..
    ඇරෙයි උඹෙ කන් අගුල්..
    පටන් ගත් දවසෙදී..
    දුවන්නට පණ මදී..

    එළ ඈ....

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ ඔහොම්මම ඉන්න අරින එක හොඳයි වගේද?

      Delete
  2. එල නේන්නං. ඒත් පොරොන්දුව කඩපු දවසට ඉන්නෙ අපායක කියල හිතෙයි.

    ReplyDelete
    Replies
    1. කොහොමත් අපාය තමයි... වඩා හොඳ එක තෝරගන්න එකයි ප්‍රශ්නේ

      Delete
  3. @The Modern Patriot, @රාජ්
    එක නෙමෙයි උඹල වගේ නමගිය එවුන් ඇවිත් බැනල ගියත් හිතට ආඩම්බරයි... මම ඉතින් කෝඩුකාරයනෙ තාම...

    ReplyDelete
  4. ඕක කියලවත් කරගන්න බැරි දෙයක්නේ සමහරුන්ට...ඉතින් දුක් වෙන්නේ මොකටද? :)

    ReplyDelete
    Replies
    1. මුහුදක් ගොඩ ගලල වෙනදා නො එන පැතිවලටත් ගලාගෙන යන එක බය හිතෙන දෙයක්... ඒත් මේ සයුරුගලනය නම් මට සතුටක්...

      කවිය ගැන කියනවනම්... නැති දේමනෙ අගේ... ඉතින් දුක් නොවී කොහොමද?

      Delete
  5. මැක්සා ඈ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දේවයන් වහන්ස, රජකම් කොලත් ඔබවහන්සේ අපේ දුප්පත් ගෙවල් වලටත් වඩිනව එහෙනං

      රාජ සම්පත් මොකටැයි මේ වගේ ගෑනියෙක් ඉන්දෙද්දි...

      Delete
  6. කවියක් කොහේද මම එතන....අදමයි මේ පැත්තට ආවෙ දිගටම එනවා බලන්න
    අව්‍යාජ වචන වලින් පහර දෙන ලස්සන කවි බලන්න....

    සුභ පැතුම් තවත් ලස්සන කවි ලියන්න....

    ReplyDelete
    Replies
    1. සිත්තමක ගෑනු පිරිමි භේදයක් ගැන කලින් හිතල තිබ්බෙම නෑ... තේරුම් ගන්න අපහසු සිතුවම් ගැහැණු සිතුවම් වෙන්ඩැ මගෙ හිතේ... අලිගැටපේර රස බලන්න අපිත් එන්නම්කෝ...

      Delete
  7. නියමයි මචං / ඔන්න මමත් ආවා..

    ReplyDelete
    Replies
    1. ඇවිත් ගියාට සන්තෝසයි..... අපිත් එන්නම් ඉක්මනටම ඒ පැත්තේ

      Delete
  8. සරලයි ගැඹුරුයි ලස්සනයි ! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තේ ආවට...

      Delete
  9. Replies
    1. අළුත් මල්ලිත් ඔය හැම හැම තැන්වලම ඉන්නවා මම දකිනවා.. ඉතින් මෙහෙත් ආවට ස්තූතියි.

      Delete
  10. උඹටත් අහක ඉන්න නයි...

    ReplyDelete
  11. ඔක්කොටම වඩා පින්තූරේ වටිනව තිසර
    පවනක් අන්තිමට සුළි කුණාටුවක් වෙලා!!!

    ReplyDelete