Thursday, September 27, 2012

මම...

පළවෙනි පෝස්ට් එක විශේෂ එකක් වෙන්න ඕනේ කියලා අන්තිමේ මොනවත්ම ලියන්නෙ නැතුව නිකං ඉන්නවට වඩා හොඳයි මෙහෙම හරි පටන් ගන්න එක කියලා ඔන්න පටන්ගත්තා. මම ගැන කියනවා නම්, මම කලින් ආත්මේ ඇනෝ කෙනෙක්... ඒක හරියට අර ගන්ධබ්බ අවධිය වගේ තමයි.... මොකක් හරි හරිහමන් ශරීරයක් අහු වෙනකන් ඔහේ අනිත් අයගේ බ්ලොග් වල රවුම් ගහ ගහ හිටියා. ඇත්තටම මටම කියලා බ්ලොග් එකක් ඕනෙ නෑ කියලම තමයි මට හිතුනේ.... මගේ අදහස් සිතුවිලි බොහෝමයක් තැන් තැන් වල සටහන් වෙලා තියනවා මම දැක්කා. ඒ උනත් ඒවා මගේම නෙවෙයිනේ කියලත් ඒ එක්කම හිතුනා. කොහොම උනත් දැනට මගේ වැඩි වෙලාව ගතකරන්න හිතන් ඉන්නේ අනිත් අයගේ බ්ලොග් බලන්න තමයි. එකක් තමයි, මගේ බ්ලොග් එකට වක්‍ර ප්‍රමෝටින් පාරක් දීගන්න එක. අනිත් එක ඉතින් ඇත්තටම මම කැමති අනිත් අයගේ කුණුගොඩවල් අවුස්සන්න. ඒ කියන්නේ අනිත් අයගේ බ්ලොග් කුණුගොඩවල් ද කියලා අහයි දැන්. ඇයි කුණු කියන්නේ නරක දෙයක්ද?

ඕනෙම තැනකට ආවහම තමන්ව හඳුන්වලා දෙන්න ඕනෙනේ. ඉතින් මගේ මේ ජීවිතයේ නම තිසර. මම ගැන මම ම කියන එක සුදුසු නැහැ කියලා හිතෙන නිසා, මම ලඟදි සමීක්ෂණ කණ්ඩායමක් යොදවලා මා ගැන කරපු සමීක්ෂණයකදි ලැබුණු උත්තර ටිකක් දාන්නම්.

අම්මා: අපේ පුතා කියන්නේ ඉතින් අපේ පවුලට ඉන්න එකම ..... (ලැබුනු පිළිතුර ඉතාම දීර්ඝ බැවින්, අකමැත්තෙන් වුවත් කෙටි කිරීමට සිදුවිය )

තාත්තා: හ්ම්ම්ම්....

අක්කා: අපෝ එයාද.... මහ නපුරා...

නංගී: අක්ක ඔහොම කිව්වට අයිය හොඳ වෙලාවලුත් තියනවා.

බිරිඳ: (කිසිවක් කියා නැත )

පුතා: අපේ තාත්තා මට හරිම ආදරෙයි... හවසට ගෙදර එනකොට මට චොකලට් අරන් එනවා. මගේ තාත්තට මමත් ගොඩාක් ආදරෙයි. ඔන්න ආච්චි මං කිවා, මට චොක්ලට් ඕනේ හොඳේ.

චබ්බා : එක දවසක් නිකං ආසාවට 'ඉජුහ්' කියල කතාකරලා නැහැ....

අල්ලපු ගෙදර ආනන්ද මාමා: රට යන්න ඉස්සෙල්ල නම් ඉතින් කියන්න තරං වරදක් තිබ්බේ නෑ. එක එක රටවල් වල ගියාට පස්සෙ ඉතින් වෙනස් වෙලාද කියන්න අපි දන්නෙ නෑනෙ.

(නම කීමට අකමැතියි ): හ්ම්ම්ම්... එයා හරී හොඳයි... හ්ම්ම්ම්ම් ... ඒත් දැන් ඒ ඔක්කොම අතීතයට එකතුවෙලා ඉවරයි. ඒ නිසා ඒවා ගැන කතා කරන වැඩක් නැහැ.

චමින්දයා: ඇයි කේස් එකක් ද? මම නං ඌව ඇහටවත් දැක්කේ නැහැ දැන් මාස ගාණකින්. මහත්තයලා සීඅයිඩී ද?

මම: අපේ නෝනගෙන් තමයි ඉතින් ඕක අහන්න ඕනේ.... හිහ් හිහ් හිහ්

ඔන්න ඉතිං දැන් හරිනේ.... එහෙනම් ඔන්න පටන්ගමු....

11 comments:

  1. හරි හරි!! දැන් හරි!! ඔන්න සමීක්ෂණ වාර්ථා අනුව අපි විස්තර නිගමනය කලා..

    දන් තියෙන්නෙ වැඩේ පටාන්..ගන්නයි!!! එහෙනම් ජය වේවා!! දිගටම ලියන්න සුභ පැතුම්!!

    word verification අයින් කරන්න!! comments දාන්න ලේසියිනෙ!!

    ReplyDelete
    Replies
    1. ඔන්න බොහෝමත්ම ස්තූතියි, රඟහලට ඉසිස්සෙල්ලාම ගොඩ වැදුනට... word verification අහක් කලා.... තාක්ෂණය පැත්ත ගැන වැඩිය දන්නේ නැති නිසා ඔයාලගෙ කමෙන්ට්ස් වලින්ම තමයි ඕව ඉගෙන ගන්න වෙන්නේ. ඉතින් ආයෙමත්.. පළවෙනිම සටහනට බොහෝම ස්තුතියි.

      Delete
  2. පට්ට හැඳින්වීමක්නේ...එල එල ඔහොම යමු..!

    ReplyDelete
    Replies
    1. ආරම්භයේදිම වචනයකින් හරි ලැබෙන දිරිය හරිම වටිනවා...

      Delete
  3. නියමයි. වෙනසක් කරමු.

    ඇත්තට ඔය සමීක්ෂනේට කීයක් විතර වියදං උනාද? මමත් ඕක කරන්න හැදුවට කවුරුවත් වැඩේ භාර ගත්තේ නෑනෙ. නිකං ගුටි කන්න කවුද කැමති.

    හදවතින්ම සුභ පැතුම්! ජයස්සු තුහියං!

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ ... නිකාං සල්ලි විතරයි... මේ ටිකම මට හිතලා උනත් ලියන්න තිබ්බා...

      මේ පැත්තෙ ඇවිත් හැම අස්සක්මුල්ලක් නෑරම ගිහින් සටහනක් තියලා යන්න තරම් කාරුණික වීම ගැන මගේ ස්තුතිය.

      Delete
    2. මූනිච්චාවට නෙමේ. උඹ ලියන ස්ටයිල් එකට මම කැමතියි මචං. අපිට කමෙන්ට් එකක් දාන්න බැරි උනොත් ඒ කාර්‍යයබහුල කම නිසා මිසක් වෙන මුකුත් නිසා නෙමේ. ඒත් අනිවර්‍යයෙන් බලන්න එනවා. ඔහොම යං.

      Delete
  4. ලියමු!

    <a href="mailto:kathandara@gmail.com>kathandara@gmail.com</a>

    ReplyDelete
  5. රඟහලටත් මගේ ඩෙනිමෙම වයසයි කියලා දැනගත්තාම මට හිතුනා පොඩ්ඩක් ගවේශනය කරලා බලන්න.

    මේ සමීක්ෂනයේදි අදහස් ප්‍රකාශ කරපු ඩූඩ් කියන එකා කියපු දේ.

    ඩූඩ්: තිසර කිව්වාම මට මතක් වෙන්නේ පියයුරු. නරක දෙයක් නෙවෙයිනේ. හොඳම දෙයක්. මුගේ වැ‍රැද්ද පටන් ගත්තා වගෙ මේ බ්ලොගේ දිගටම ඇදගෙන නොයන එකයි. මේ බ්ලොගේ මුල ඉඳන්ම බලලා කමෙන්ට් කරන එකෙන් මම බලාපොරොත්තු වෙන්නෙත් මූව මොනවා හරි ලියන්න උනන්දු කරන එකයි.

    ReplyDelete
    Replies
    1. මේ යකා මොන එහෙකට පියයුරු අස්සේ රිංගනවද මන්දා...

      Delete