අපි අපිට මුණ ගැහී
ආදරෙයි කියාගත්
දසවසක මතක පොත
කට පාඩම්ය මට
ආදරෙයි කියාගත්
දසවසක මතක පොත
කට පාඩම්ය මට
"කිසිදාක නොවෙනස්ව
ඔයා ලඟ හිඳින්නම්"
කියා නුඹ කියූ විට
දැනුනෙ සතුටක්ය මට
ඔයා ලඟ හිඳින්නම්"
කියා නුඹ කියූ විට
දැනුනෙ සතුටක්ය මට
දසවසක් පුරාවට
නුඹ රැක්ක පොරොන්දුව
කඩ කරල දමන්නට
බැරිද පොඩි වෙනසකට
කඩ කරල දමන්නට
බැරිද පොඩි වෙනසකට
දසවසක් පුරාවෙම
නුඹේ ඔය ගොළුබවට
වචන දෙන්නට හැදුව
මටත් අද වචන නැත
නුඹේ ඔය ගොළුබවට
වචන දෙන්නට හැදුව
මටත් අද වචන නැත
හැමදාම නිහඬවම
හිතේ මොනවද තියන්
නොදොඩාම ඉන්න හැටි
කොහොම ඉවසන්න මම
හිතේ මොනවද තියන්
නොදොඩාම ඉන්න හැටි
කොහොම ඉවසන්න මම
දස වසක් ගත වෙලත්
නුඹ කවුදැයි කියල
නොදන්නා බව තවම
කියන්නත් දුකයි මට
නුඹ කවුදැයි කියල
නොදන්නා බව තවම
කියන්නත් දුකයි මට
කේන්තිය පුපුරලා
මං බැණවදිනකොට
කඳුලු වැල් වක්කරං
අඬපංකො ඩිංගකට
මං බැණවදිනකොට
කඳුලු වැල් වක්කරං
අඬපංකො ඩිංගකට
මග තොටේ යනෙනකොට
අන් ගැහැණු ලුහුබඳින
සලෙල නෙත් දෙකට මගෙ
රවපංකො ඉඳල හිට
අන් ගැහැණු ලුහුබඳින
සලෙල නෙත් දෙකට මගෙ
රවපංකො ඉඳල හිට
මොන තරම් වැඩ කලත්
අඩුපාඩුම කියන
මගෙ කට වැහෙන්නට
බැනපංකො අනේ මට
අඩුපාඩුම කියන
මගෙ කට වැහෙන්නට
බැනපංකො අනේ මට
හුරතලෙන් වඩාගෙන
ඇඳ මත්තෙ පෙරලගෙන
ඉන්නකොට ආදරෙයි
කියපංකො කණට කර
ඇඳ මත්තෙ පෙරලගෙන
ඉන්නකොට ආදරෙයි
කියපංකො කණට කර
නොතේරෙන කාලෙ නුඹ
නොතේරෙන කමට දුන්
මළඉලව් පොරොන්දුව
කඩපංකො දවසකට
නොතේරෙන කමට දුන්
මළඉලව් පොරොන්දුව
කඩපංකො දවසකට
උඹ කියයි ඔය මගුල්..
ReplyDeleteඇරෙයි උඹෙ කන් අගුල්..
පටන් ගත් දවසෙදී..
දුවන්නට පණ මදී..
එළ ඈ....
කිව්වත් වගේ ඔහොම්මම ඉන්න අරින එක හොඳයි වගේද?
Deleteඑල නේන්නං. ඒත් පොරොන්දුව කඩපු දවසට ඉන්නෙ අපායක කියල හිතෙයි.
ReplyDeleteකොහොමත් අපාය තමයි... වඩා හොඳ එක තෝරගන්න එකයි ප්‍රශ්නේ
Delete@The Modern Patriot, @රාජ්
ReplyDeleteඑක නෙමෙයි උඹල වගේ නමගිය එවුන් ඇවිත් බැනල ගියත් හිතට ආඩම්බරයි... මම ඉතින් කෝඩුකාරයනෙ තාම...
ඕක කියලවත් කරගන්න බැරි දෙයක්නේ සමහරුන්ට...ඉතින් දුක් වෙන්නේ මොකටද? :)
ReplyDeleteමුහුදක් ගොඩ ගලල වෙනදා නො එන පැතිවලටත් ගලාගෙන යන එක බය හිතෙන දෙයක්... ඒත් මේ සයුරුගලනය නම් මට සතුටක්...
Deleteකවිය ගැන කියනවනම්... නැති දේමනෙ අගේ... ඉතින් දුක් නොවී කොහොමද?
මැක්සා ඈ...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
දේවයන් වහන්ස, රජකම් කොලත් ඔබවහන්සේ අපේ දුප්පත් ගෙවල් වලටත් වඩිනව එහෙනං
Deleteරාජ සම්පත් මොකටැයි මේ වගේ ගෑනියෙක් ඉන්දෙද්දි...
කවියක් කොහේද මම එතන....අදමයි මේ පැත්තට ආවෙ දිගටම එනවා බලන්න
ReplyDeleteඅව්‍යාජ වචන වලින් පහර දෙන ලස්සන කවි බලන්න....
සුභ පැතුම් තවත් ලස්සන කවි ලියන්න....
සිත්තමක ගෑනු පිරිමි භේදයක් ගැන කලින් හිතල තිබ්බෙම නෑ... තේරුම් ගන්න අපහසු සිතුවම් ගැහැණු සිතුවම් වෙන්ඩැ මගෙ හිතේ... අලිගැටපේර රස බලන්න අපිත් එන්නම්කෝ...
Deleteනියමයි මචං / ඔන්න මමත් ආවා..
ReplyDeleteඇවිත් ගියාට සන්තෝසයි..... අපිත් එන්නම් ඉක්මනටම ඒ පැත්තේ
Deleteසරලයි ගැඹුරුයි ලස්සනයි ! :)
ReplyDeleteස්තූතියි මේ පැත්තේ ආවට...
Deleteඅපූරු කවක්...
ReplyDeleteඅළුත් මල්ලිත් ඔය හැම හැම තැන්වලම ඉන්නවා මම දකිනවා.. ඉතින් මෙහෙත් ආවට ස්තූතියි.
Deleteඋඹටත් අහක ඉන්න නයි...
ReplyDeleteඔක්කොටම වඩා පින්තූරේ වටිනව තිසර
ReplyDeleteපවනක් අන්තිමට සුළි කුණාටුවක් වෙලා!!!