රාජ්ගෙ නවාතැනේ තිබ්බනේ... 'සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ' කියලා පෝස්ට් එකක්. ඕක දැක්කහම මටත් ඔය කතාව අදාල කරගන්න පුළුවන් සිද්ධියක් මතක් වුනා. වේලි වේලි ඉන්න මට මේ රාජ්ගෙන් අයිඩියාවක් ලැබිච්ච දෙවෙනි වතාව. වෙලාවක ඌව ඔපීසියෙන් පන්නගෙන ගිහින් බෝතලේකට සෙට් කරගන්න ඕනේ. පස්සෙ ඇවිත් 'ඕෆ්' වෙන්න බැරියැ.
සෙනසුරාදා උදේට සුධර්මාරාමේ තියන නිමල් හෙට්ටිආරච්චි සර්ගෙ ෆිසික්ස් පංතිය ඉවර වුනාම එදා දවසට අපි නිදහස්. ඉරිදා දවසේ උදේ අටේ ඉඳන් දොලහ වෙනකං තියන කෙමිස්ට්‍රි පංතියටයි, ඊට පස්සේ හවස එකේ ඉඳන් පහ වෙනකං තියන පියෝ-ඇප්ලයිඩ් පංතියටයි ගියාම ඉරිදා දවස සම්පූර්ණයෙන් චාටර්. ඒ නිසා ගන්න ආතල් එකක් අපි ගත්තේ සෙනසුරාදා. හැබැයි ඉතිං බෝඩිමට ඇවිල්ලා ඇඳුමක් එහෙම හෝදගන්න තියෙන්නෙත් සෙනසුරාදා හවස් වරුව තමයි.
ලොකු ලොකු වැඩ කලේ නැතත්, සුධර්මාරාමෙ ලඟ ඉඳලා ක්ලොක් ටවර් එක දිහාට සැට් එකම වල්පල් කියෝ කියෝ ඇවිදගෙන එන එක නම් අනිවාර්යයි. එතනිං එහාට ඉතිං කෙල්ලෝ සැට් කරගත්ත එවුං ෆිල්ම් හෝල් එකකට හරි, වේල්ස් පාක් හරි යනවා... කෙල්ලෝ පස්සෙං යන එවුං කෙල්ල යන බස් හෝල්ට් එකට ගිහින් ඒ බස් එකේම නැගලා සල්ලි දීලා ටිකටුත් අරං සෑහෙන දුරකුත් ගිහින් ආයෙ ගෙදර එනවා. ඒ මොකවත් නැතුව නන්නත්තාර වෙලා ඉන්න අනිත් සැට් එක, ඔය කොහෙ හරි බස් හෝල්ට් එකකට එකතු වෙලා ඕන්නං රටකජු ගොට්ටක් දෙකක් අරං කාලා, අපේ දැවෙන ප්‍රශ්න සාකච්ඡා කරලා බඩගිනි උනාම ගෙදර යනවා. ඉඳලා හිටලා දවසක, චිත්තරපටියක් බලන්න, යාලුවෙකුගේ ගෙදර සැට් වෙලා ක්‍රිකට් මැච් එකක් බලන්න වගේ දෙවලුත් කරනවා. ඔය කරන ජාති මගේ කතාවට එච්චර අදාලත්වයක් නැති උනත් මම කිව්වේ පසුබිම් සංගීතයක් හැටියට.
ඔන්න දැන් සෙනසුරාදා උදේ පංති ඇරිලා අපි දහ දෙනෙක් විතර ඇවිදගෙන එනවා. සුධර්මාරාමේ ඉඳලා ප්‍රධාන පාරට එන්න මීටර් දෙසීයක් තුන්සීයක් ඇවිදගෙන එන්න ඕනේ අතුරු පාර දිගේ. අපේ සැට් එකේ හිටිය නහරයා තමයි රත්නායක, නැත්නං රත්තා. පාරේ යන ගැල්ලමයින්ට උසුළු විසුලු කිරීම තමයි උගේ ප්‍රධාන රාජකාරිය. එහෙම කියන්න ගිහිං හොඳ කතා අහගත්ත වෙලාවලුත් තියනවා. රත්තා ගැන කියද්දි මතක්වෙන අනිත් කාරණේ තමයි මුගේ පාර පැනීම. 'මෙන්න මං පනිනවා උඹලා වාහන නවත්ත ගනිල්ලා' වගේ තමයි ඌ පාර පනින්නේ. මම අනාවැකියකුත් කියලා තිබ්බා ඒ කාලේ කවදාහරි ඌ මැරෙන්නේ බස් එකකට යට වෙලා නැත්තං කොන්දොස්තර කෙනෙක්ගෙන් ගුටිකාලා කියලා.
ඉතිං මේ කියන දවසෙත් මූ අපිට ඉස්සරහිං ඇවිදගෙන යන්න කෙල්ලො සැට් එකකට අනංමනං කියනවා. උගේ කට කැඩිච්ච කතා වලට අපි හිනාවෙනවා. ඔන්න එකපාරටම ඔක්කොම කෙල්ලො ටික කුඩ ඉහල ගත්තා. මහ පාරෙදි අව්ව සැර උනාට මේ කියන අතුරු පාරෙ කුඩ ඉහලන්න තරං අව්වක් නෑ. උං කුඩ ඉහල ගත්තෙ 'තොපි කියන එව්වා අපිට නෙමෙයි' කියන්නා වගේ. ඔන්න රත්තා දැන් අලුත් වැඩක් පටන් අරං. පාරෙ තියන චූටි චූටි ගල් අහුලගෙන අර කුඩ වලට ගහනවා.
ස්ත්‍රී නිදහස වෙනුවෙන් බාල කාලෙ ඉඳල පෙනී සිටින මට මේක එච්චර ඇල්ලුවේ නෑ සහෝදරවරුනි. වැඩේ අසාධාරණයි... පවුනේ අර අහිංසක ගෑල්ලමයි ටික... ඔය ගලක් කුඩයක් අස්සෙන් ගිහින් ඒ ළමයින්ගේ ඇඟේ වැදිලා රිදුනොත් එහෙම, නේද? ඉතිං 'අවි ගත්තෝ අවියෙන්ම නසිති' කියලා මාත් අහුල ගත්තා පොඩි ගලක්. හිමින් සීරුවේ ඇවිදින වේගේ අඩුකරලා ගිය සැට් එකේ පස්සටම. ඉලක්කෙ අරං ගැහුවා රත්තගෙ ඔලු ගෙඩියට. වැදුනද?... පිස්සුද? අපිට ඔය වගේ ගල් ගහලා පුරුදු නෑ සහෝදරවරුනි. ඒ හින්දා වැරදුනා.
මූට වදින්න ගලක් ගහන්න නම් සෑහෙන ගල් කන්දරාවක් ඕනේ කියලා මට අවබෝධ වුනා. ඉතිං හොඳ ගල් ආකරයක් හොය හොය මම තාර පාර පිරික්සමින් යද්දි, තාර ගැලවිලා හැදිච්ච වලක මේං තියනවා සූටි සූටි ගල්. මම සුටුස් ගාලා දෙකට නැමිලා දෝතපුරා ගල් නෙලාගෙන මල්ටි බැරල් හැඟීමෙන් නැගිට්ටේ රත්තාව බ්ලාස්ට් කරලා දාන්න. කරුමේ කියන්නේ නිකං නෙමේ, සංසාරේ පුරාවටම විටින් විට පලදෙන අපරාපරියවේදනීය කර්මයක් මෙන්න මේ අවස්ථාවේ පල දුන්නා සහෝදරවරුනි.
මම තාර පාර පීර පීර ගල් හොයලා, ගල් එකතු කොරන්ඩ නැමිලා කෙලින් වෙන අතරේ මම නොදැනුවත්ව තවත් බිහිසුණු සිද්ධි දාමයක් සිද්ධවෙලා තියනවා. රත්තාගේ ගල් කරදරයෙන් බේරෙන්න බැරි තැන කෙල්ලෝ සැට් එක පාර අයිනේ නැවතිලා, කුඩ අකුලලා අතට අරං අපේ සැට් එක එතන පහුකරං යනකං ඔරෝගෙන බලං ඉඳලා. ටයිමිං කියන්නේ හරියට ජයසූරියගෙ ඉස්ක්වෙයාර් කට් පාර වගේ, මම මල් වට්ටිය සේ ගල් අහුර දෝත දරාගෙන කඳ කෙලින් කලේ උංගේ ඉස්සරහදිමයි. ආයේ මොනවද, හොරා බඩු අතේ අරං බඩු ටිකට අතේ මාට්ටු.
මේ වෙනකොට මම අපේ සැට් එකෙනුත් සෑහෙන පහු වෙලා. තනියා දැක්කහම ගැල්ලමයින්ගේ කටවල් වලටත් පණ ඇවිත්. කියාපු දේවල් ටික නං මෙතන කියන්නෙ නෑ නෑ මයි. හරි හමං මිනිහෙක් නං එදායින් පස්සෙ රෙදි අඳින්නෙ නෑ උං කියපු දේවල් වල හැටියට. මගේ කටේ කෙළ හිඳිලා.... කන් රත් වෙලා... කකුල් පණ නෑ... කොටින්ම කියනවා නං ඇඬෙන්න එනවා. කාට කියන්නද මේ දුක නංගියේ ඔබ හැර කියලා මම බැලුවා ගැල්ලමයි සැට් එක දිහා. හප්පා බලන්නත් බයයි... දත් මිටි කකා, ඇස් ගෙඩි ලොකු කරගෙන, කුඩ උලුක් කරගෙන.... බැනුං නං මට නෙමේ වගේ හිටියෑකි. ඒත් දෙයියනේ කුඩේකින් පාරක් වැදුනොත් මගේ පුරුසාදිපත්ය සුං නේද කියලා හිතුනා. කකුල් දෙකට පණ අරං අඩියට දෙකට දුවගෙන ගියා කොල්ලෝ සැට් එක ලඟට. උන්ට හරි හිනා. ඊට පස්සෙ උන්ගේ බයිට් එක මම. "අඩෝ පව් බං කෙල්ලන්ට ගල් ගහන්නේ"... "කැත වැඩ කරන්න එපා බං"... උන් අර කෙල්ලෝ සැට් එකට ඇහෙන්නම හයියෙන් කියනවා. මම කට වහගෙනම හිටියා.
එදා මමත් පාර පැන්නේ රත්තගෙ ඉස්ටැයිල් එකට. බස් එකක හැප්පෙන එක සැපයි ඒ වෙලාවෙ හැටියට. කොහොම කොහොම හරි එදා ක්ලොක් ටවර් එක ලඟට යනකං මම දත්මිටි කාගෙන ගියා. අර කලින් කිව්ව ජාතියේ උන්, උන් උන්ගේ කරත්ත වලට කරගහන්න ගිහින් ඉතුරු වෙච්ච සැට් එක ආවා පුස්තකාලෙ ඉස්සරහ පේරාදෙණි හෝල්ට් එකට. මම කට හඬ අවදි කලා "මේ අහපියව්... මම ගල් ගහන්න හැදුවේ කෙල්ලන්ට නෙමෙයි යකෝ... කෙල්ලන්ට ගල් ගහ ගහ ආපු රත්තට ගහන්න තමයි මම ගල් ඇහිලුවේ". උස් හඬින් මම එහෙම කිව්වහම කට්ටිය නිකං මා දිහා බැලුවේ මම රටේ දූෂණය භීෂණය තුරන් කරලා සාමය සහ සෞභාග්‍ය උදාකරනවා කියලා කිව්ව වගේ. "හරි හරි බං... අනිත් දවසේ ගහපං අහු නොවෙන්න.. මම වගේ"... රත්තා එහෙම කියලා මාවත් ඇදං රටකජු කරත්තේ පැත්තට ගියා.
------------------------------

ප.ලි
මගේ නිදොස්බව ගැල්ලමයි සැට් එකට තේරුම් කරදෙන්න හැදුවානම්, එදා අනිවාර්යයෙන් කුඩ පාර වදිනවාය. මට දුක කොල්ලෝ සැට් එකවත් කවදාවත් මගේ කතාව පිළිනොගත් එක ගැනය. පිළිනොගත්තා පමණක් නොව උන් එය තඹේකට වත් මායිම් කලේ නැතිය. සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරදෙන්න බැරිය.
සාදු සාදු සාදු....පුරුෂ පක්ෂෙට විරුද්ධ වෙනවාට උඹට වෙච්ච දේට සාදු.
ReplyDeleteමේ උඹ පඩුබිම් සංගීතෙන් ෂේප් එකේ උඹ ගණං කාරයෙක් කියල කිව්ව නේද? ඇත්ත කියපං ඒ වෙලාවේ උඹ කුඩ ටික දැක්කේ ටී 56 වගේ නේද?
කියල වැඩක් නෑ බං.. ජීවිතේටම එහෙම බයවිල්ලක් වෙලා නැතුව ඇති මං හිතන්නේ... කුඩෙන් ගහයි කියලා තමයි ලොකුම බය තිබ්බේ... සමහර විට මමත් උන්ට ගල් ගැහුවා නම්, ඔච්චර අප්සැට් නොවෙන්න තිබ්බා.. එවෙලාවෙ දැනිච්ච හැඟීම නම්.. 'කොච්චර උත්සාහ කලත් තේරුම් කරල දෙන්න' අමාරුයි.
Deleteඅර ගෑණු ළමයින්ගෙන් ගුටි නොකා ඔයින් බේරුනා ඇති. මං නම් කියන්නෙ ගෑණු ළමයි ටික කිව්වෙ මොනවද කියලත් දාන්න තිබුනෙ :D
ReplyDeleteසත්තුන්ගෙ නම් තමයි වැඩි හරියක්ම ඇහුනේ...
Deleteපවු වැඩේ... හි හි
ReplyDeleteපව් නැද්ද... ගැල්ලමයින් වෙනුවෙන් වැඩ කරලා උන්ගෙන්ම බැනුම් අහන්න සිද්ධවෙන එක...
Deleteඔය මාතෘකාව නම් කතා කරලා වැඩක්ම නැහැ.
ReplyDelete( kochchara karath therum karanna bari eka..)
හැබැයි මන් එක දෙයක් කරනවා තිසර , වෙච්ච
දේ කියනවා අනිවා.ඊට පස්සේ ඉතින් අර
"ඕන ##ක් ප්‍රීති වෙ## " තමයි මට..
අනික් දේ ගල් පෝරියල් එකක් ගැන මටත් තියෙනවා
දාන්න දෙයක්.ඒක මෙතන හලනවද , ගිලල ගෙදර
ගෙනියනවද කියල බැලුවේ ...
එහෙම කියාගන්න තරං තත්වයක් තිබ්බෙ නෑ එතන...
Deleteගල් කතාව හලපං කොහෙ හරි කමක් නෑ...
ඕකනේ උඹට තාම ගල් ගැහිල්ල හුරු නැති හැඩයි. රාජ් එක්ක සෙට් වෙලා ගලක් ගහල බලන්නකෝ. ඔන්නං සහායට මේ ඩැනිත් එන්නං.
ReplyDeleteගල් ගහලා සෑහෙන අත්දැකීම් තියන පාටයි....
Deleteසාධු සාධු සාධු.. උබල වගේ විභීෂණලට ඔහොම වෙලා මදි.. අනේ කන හරහ කුඩ පාරක් වදින්න තිබ්බේ.. චීත්ත හුරතල් කරල පොර වෙන්න යනවට
ReplyDeleteයකෝ අපි චීත්ත හුරතල් කරන්නැතුව, උන් උන් හුරතල් කොරවගන්න ගියොත් අපිට හුලං නේ.
Deleteඅම්මපල්ල ඇත්ත. මේකත් ඒ සීන් එකමයි. සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ! :)
ReplyDeleteඔව් බං... මාත් අල්ලලා දැම්ම ඊට පස්සේ...
Delete/* කෙල්ලෝ පස්සෙං යන එවුං කෙල්ල යන බස් හෝල්ට් එකට ගිහින් ඒ බස් එකේම නැගලා සල්ලි දීලා ටිකටුත් අරං සෑහෙන දුරකුත් ගිහින් ආයෙ ගෙදර එනවා */
ReplyDeleteඇයි නිකම්ම ආපහු එන්නේ?
http://kathandara.blogspot.com/2010/02/blog-post_12.html
?
මං ගිහින් කියෙව්වා කකා.
Deleteටීචර් පස්සෙ ඇහුවේ නැද්ද, 'පංසල ලඟට'ම ටිකට් ගත්තේ ඇයි කියලා?
Quote
Delete"ඔය සිද්ධිය වෙලා මාස ගානක් යනකම්ම එයා මගෙන් අහනව, අහනව, අනේ කතන්දර, කියන්නකෝ ඔයා කොහෙමද දැන ගත්තෙ මං ටීච් කරණවයි කියන එක කියල.
මං ඉතිං කිව්ව ඒ කොහොමද කියල.
ඕගොල්ලන් ට නං මං නොකිව්වට හිතාගන්න පුළුවන් නේද?"
EndQuote
අතේ ගල් ටිකත් තියාගෙනම අහු වුනාම ආයේ කොහේ පිලිගන්නද.. කුඩපාර නොකා එතනින් මාරු වුනු එකම මදැයි. :)
ReplyDelete/*සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරදෙන්න බැරිය.*/ සහතික ඇත්ත..
ආයෙ වචනයක් වත් කතාකරන්න බැරි විදිහට මාව මාට්ටු උනේ... කුඩ පාර නොවැදීම නම් ලොකු දෙයක්...
Deleteදුකේ බැරුවා..ඒක හන්දා තමා කියන්නෙ ගෑල්ලමයිට පාට් දාන්න එපා කියලා..හි හි හී
ReplyDeleteඒ උනාට ළිහිණි ගැල්ලමයින්ව පාට් දාන එකෙක්ගෙන් බේරගන්න ගිහින්නේ මට මේ වින්නැහිය උනේ.
Deleteනියම කතාව අයියේ, උදේ පාන්දර හොදට හිනා ගියා. අනේ හැබෑට ඔහොම දේවල් ජීවිතේ අපට මොන තරම් වෙලා තියෙනවද. ඒ වෙලාවට ඒක මොන තරම් හිත් වේදනාවක් උනත් කාලයක් ගිහින් හැරිල බැලුවම දුක නැතුව හිනා උන හැකි නේද?
ReplyDeleteඒ කාලේ නම් සෑහෙන කණගාටු හිතුනා තමා... ටික දවසකින්ම කීර්ති ධර්මසිරි සර් ගෙ පංතියට මාරු වෙච්ච නිසා අර ගැල්ලමයි ටික දැක්කෙත් නෑ ආයේ. දැන් නං ඉතින් හිනා තමයි.
Deleteකනගාටුයි... ඒත් ඉතිං සමහර දේවල් කොච්චර තේරුං කරන්න හැදුවත් බෑ නෙව. රාජ් ටත් ඉතිං තැන්කුයි පාරක් දෙන්න එපායැ..
ReplyDeleteඔව් ඔව් අනිවාර්යයෙන්ම... ඌටත් හොඳයි ගල්
Deleteඇති යාන්තම් ඔයින් බේරුනා. දැන් ඉන්න උන්ට අහු උනා නම් රෙදිත් නැතිව එන්න වෙන්නෙ. ඇත්ත!සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරදෙන්න බැරිය. මරු කතාව තිසරමල්ලි.
ReplyDeleteඔව් ඔව් ඒ කාලේ ගෑණු ළමයි මොනව උනත් කොල්ලෙක්ට අතක් උස්සන්නෙ නෑ ලේසියෙන්.... ඒ නිසා බේරුනා.
Deleteහික් හික්...අයියෝ පව් අප්පා. යාළුවො ටිකටනම් ඕක තේරුම් කරන්න යන එකේ තේරුමක් නෑ අප්පා.. :))
ReplyDeleteඔව් ඔව්... වැඩක් නෑ තමයි.. ඒත් හිතේ තියන දුකත් කාට හරි කියාගන්න එපැයි....
Deleteඋඹේ නිර්දෝශී භාවය අර කෙල්ලො සෙට් එකවත්, උඹේ යාලුවො සෙට් එකවත් පිළි නොගත්ත එක අමතක කරපං. කොටින්ම කිව්වොත් මමවත් විශ්වාස කරන්නෙ නෑ. උඹ කතාවක් නිර්මානය කරපා අර ඩැල්මේෂන් සෙට් එකත් ගත්තා සාක්කියට නේහ්? :O
ReplyDeleteනෑ බං මම රත්තට ගහන්නම තමයි ගල් ගත්තේ... බලපං 'හොඳ' වැඩක් කරන මනුස්සයට ලෝකෙ පිළිගැනීම... ආයෙ ඉතින් හොඳ වැඩ කරයිද?
Deleteහික්ස්...අයියෝ මට හිනා වෙලා පනත් ගියෝ........
ReplyDeleteමදැයි ඔයින් ගියා.... හැබැයි ඇත්තටම රත්නට ගහන්නමද ගල් ඇහුලුවේ?
ආයිත් අහනවා... ඒකනේ මෙච්චර දුක.....
Deleteහික්ස් ගුටියක් කෑවනම් තමයි කථාවෙ රස තියෙන්නේ......
ReplyDeleteරස නම් තියෙයි.... එද මම ගුටි කෑවනම්... මං හිතන්නේ නෑ එදයින් පස්සෙ ඒ පන්තිය පැත්ත පලාතේ යයි කියලා... ඒ විතරක් නෙමේ... ඒ කෙල්ලො සෙට් එක යන වෙන කිසිම පන්තියකටවත්.... අම්මෝ... කුඩ පාරක් කන එක තරම් කොල්ලෙක්ව වට්ටන වෙන දෙයක් තියනවද?
Deleteඅදටත් අර කෙල්ලන්ට උන්ගේ රස කතාවලදී බයිට් එක උඹම වෙනවා ඇති. හෙහ් හෙහ්....
ReplyDeleteකොච්චර කලත් තේරුම් කරන්න බෑ බං.
ඔව් නේද? අනේ උන් කවුරු හරි මේ පෝස්ට් එක දකිනවානම්.... දැන්වත් මගේ නිර්දෝශී බව ඔප්පු කරන්න..
Deleteඅපිට නොකිවිවට එදා කුඩපාරකුත් කෑවායි කියලයි ආරංචිය නමි... අනේ මන්දා..
ReplyDeleteඅදමයි රගහලට ගොඩවුණේ...
විවෙකයත් ඇතිවට දිනපොතටත් ගොඩවන්න
එන්නම් බලන්න.... ඕවා මිනිස්සු ඉරිසියාවට කියන කට කතා... එදා යාන්තම් ගුටි නොකා බේරුනා
Deleteඔව්ව ඔහොම තමයි...මටත් ඔහොම උනයි..:D
ReplyDeleteඑහෙනම් ලියමු බලන්ට....
Deleteදැන් ඉතින් අපිට කියන්නේ මේ කතාව විශ්වාස කරන්න කියලද ..D
ReplyDeleteඕකනේ කියන්නෙ කොච්චර කිව්වත් තේරුම් කරලා දෙන්න බෑ :D
Deleteඅපරාදේ ....තව සුට්ටෙන් තිසරගේ මුනේ සෙරෙප්පු රබර් අච්චුව බලන්න තිබුණා ..හි හි ...
ReplyDelete:D
කොහොමද මූණ හිල් වෙන්න හයිහීල් පාරක් වැදුනා නම්.... මතක් වෙනකොටත් බයයි
Deleteට්‍රිනිටි එකේ හොස්ටල් එකත් එක්කම තියෙන වංගුව හරියෙදි නේද ඕක වුණේ?
ReplyDeleteඔව් අනිල් ට්‍රිනිටි එක ලඟින් තමයි හැරිලා උඩහට යන්න තියෙන්නේ, හොස්ටල් ඒ හරියෙද කියලා නම් ෂුවර් නෑ.. හැබැයි ට්‍රිනිටි එක අයිනෙන් තමයි මේ පාර තියෙන්නේ. අනිල් නුවර පැත්තෙද?
Deleteමගෙ ඉස්කෝලෙ නුවර. 95/96 කාලෙ අපිත් සුධර්මාරාමෙ ක්ලාස් ගියා. හැබැයි තිලක් සර්ගෙ. ( ආ..! එතකොට වෙම්බ්ලි හෝල් එක වහල තිබ්බෙත් නෑ)
Deleteමම 97 AL, 96 මුලදී සුධර්මාරාමෙ ගිහින් ඊට පස්සෙ කීර්ති ධර්මසිරි සර් ගෙ පන්තියට මාරු උනා. ටික දවසක් සුමේද උඩවත්ත සර් ගේ පියෝ-ඇප්ලයිඩ් වලට ගියා.
Deleteපේරාදෙණි හෝල්ට් එක ලඟ, පුස්තකාලෙට පිටිපස්සේ තිබ්බේ වෙම්බ්ලි හෝල් එක නේද?
මං සුධර්මාරාමේ ක්ලාස් ගියේ ඊට අවුරුදු 4කට පස්සෙ. කෙමෙස්ට්‍රි වලට. ෆිසික්ස් ගියේ කීර්ති සර්ගෙ. ඔය විදිහටම සෙනසුරාදා වරුවයි. ඉරිදා උදේ කම්බයින් මැත්ස්, හවස කෙමෙස්ට්‍රි. ක්ලාස් ඉවරවෙලා ඔය විදිහටම පුස්තකාලෙ ගාව හෝල්ට් එකට තමයි ආවේ.
Deleteපේරාදෙණි හෝල්ට් එක ලඟ, පුස්තකාලෙට පිටිපස්සේ තිබ්බේ වෙම්බ්ලි හෝල් එක තමයි. මං යන කාලෙත් ඒක වහල නන් තිබුනෙ නෑ මට මතක විදිහට.
අපෙත් ගොඩක් එවුන් සෙනසුරාදා ක්ලාස් ඉවරවෙලා ගල් ගැහුවා. පාරෙදිනන් නෙවෙයි කොහෙ හරි හොර ස්පොට් එකකට සෙට් වෙලා. :)
එහෙනං අපි හොඳයි.... අපි ඒ ගල් ගැහුවේ ට්‍රිප් එකක් ගියාම, බිග් මැච් එක දවසට වගේ විශේෂ අවස්ථා වලදි විතරයි.. :)
Deleteඔහ් මේ ඉන්නේ තව ඒ ජාතියේ කුරුල්ලෝ........... දකින්නත් සතුටුයි අප්පා
Deleteඒ උනාට මුන් ඔක්කොම කෙල්ලොන්ට ගල් ගහපු එව්වෝ නේ අප්පා.... සික් විතරක්....
රසබර සටහනක සුන්දර මතකයන් හරිම ලස්සනයි.
ReplyDeleteබොහොම ස්තූතියි ගයනි
Deleteඅළුත් මුකුත් නැද්ද?
ReplyDeleteඔන්න උණු උණුවේ දැම්මා...
Deleteමදැයි ඔයින් ගියා අතක් පයක් කඩාගන්නේ නැතිව
ReplyDeleteහප්පේ ඔව්... අතක් පයක් වගේද කුඩ පාරක්...
Deleteහොඳම වැඩේ බොට වෙලා තියෙන්නේ . . යකෝ කට්ටියම එකතු වෙලා වැදගත් වැඩක් කරද්දී ඔහොම අකුල් හෙලන්න හොඳද ?. . . හික්ස්
ReplyDeleteකොච්චර කාලෙකින් මම මගේ බ්ලොග පැත්තේවත් ඇවිත් නැති බව තේරුණේ උඹලගෙ උත්තර දීපු නැති කොමෙන්ට් දැක්කහම..
Deleteහොද දෙයක් කරන්න යද්දි ඔහොම තමයි. සැළෙන්න එපා මචෝ. දිගටම රත්තට ගල් ගහපන්.
ReplyDeleteකියලා වැඩක් නෑ බං..
Deleteහාහ් හා....
ReplyDeleteමේ කතාව දැක්කම මම ගිය 'සින්..'ගාලා මගේ ඒ ටියුෂන් කාලෙට...
මමත් ඔය රූට් එකේම පයින් ගිහින් තියෙනවා ඒ කියාපු සර් ගාවම පන්තිය ඇරිලා... ඒක මට හරියට පියාබන්න අත්තටු තිබ්බ කාලේ වගේ... සුන්දරයි...
ඔව් ඔව් ඔය පාරේ ඔය වගේ දේවල් නම් අනන්තයි.. අප්‍රමාණයි ...
ඔයාගේ සිද්දිය නම්.... මම නම් කියන්නේ තනිකර බටහිර බලවේගයක් කියලයි.....
මේ.. ඒක නෙවෙයි... මමත් ඉස්සර ඔතනින් පාර පනින්නේ 'ඔබ හිටු.. මම යමි' තියරියටනේ... එක දවසක් සයිඩ් කන්නාඩියක් එහෙමත් ගලෝල දුන්න..
ඒ පටු පාර නම් මතක සාගරයක්.....
අනිවාර්යයෙන් මතක සාගරයක් තමයි..
Deleteමම දැන් නේ උපේක්ෂාගේ ප්‍රොෆයිල් එක දැක්කේ.. නුවර කුමාරියෙක් නම් අනිවාර්යයෙන් මේ තැන්වල සැරිසරලා ඇති..
ඔබ හිටු මම යමි... හෙහ් හෙහ් නරක නෑ තියරිය...
Deleteමේකට පස්සෙ මගේ පෝස්ටු වලින් අයිඩියා එකක් ආවෙම නැද්ද බං?
ReplyDelete++++
Deleteකකා, රාජ්, ඉන්දික එකම දවසේ මේ හද්ද පරණ පෝස්ට් එකට කමෙන්ට් කලේ ඇයි කියලා මම කල්පනා කලේ... පස්සේ හිතුණා කකා කමෙන්ට් එක දැම්මහම නෝටිෆිකේශන් ඇවිත් වෙන්න ඇති කියලා... මටත් හිතුණා මොනවා හරි ලිව්වොත් හොඳයි කියලා... :)
Deleteඅැයි දිගට ම ලියන්නැත්තේ........... හැකි වෙලාවට ලියන්න........... අගේ අැති බ්ලොගයක්
ReplyDelete